මෙම සහතිකය ඉතාම සරලයි. රජයේ වගකීම සහිතයි. ආරක්ෂාකාරීයි. මෙම අයිතිය වෙනුවෙන් කිසිවෙකුටත් අභියෝග කිරීමේ හැකියාවක් නැහැ. පුද්ගලික ඉඩම් සඳහා මෙහි ඇති වඩාත්ම වැදගත් වාසිය තමයි ඉඩම් ආරවුල් අඩුවීම.

 

මේ පිළිබඳ බියවීමට අවශ්‍යතාවයක් නැහැ. හිමිකම් සහතිකයත් සමඟ එය භාවිතා කරන හැටි සහ එයින් ලබාගත හැකි ප්‍රයෝජන ආදිය ගැන සකස් කළ විස්තර පත්‍රිකාවක් ඔබට ලැබෙනවා. ඒ අනුව

කටයුතු කළ හැකියි. යම් කිසි ගැටළුවක් මතුවුනොත් ප්‍රදේශයේ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන්, නොතාරිස් මහතෙකු, නීතිඥමහතෙකු හෝ හිමිකම් පිළබඳ රෙජිස්ට්‍රාර්වරයාගෙන් උපදෙස් ලබාගන්නටත් පුළුවන්.

 

ඉතාම පහසුයි. ඒ සඳහා වෙනම පෝරම තියෙනවා. එම පෝරමය සම්පූර්ණ කර නොතාරිස්වරයෙකු මගින් සහතික කළ පසු මුල් හිමිකම් සහතිකය හා අදාළ මුද්දර හා ලියාපදිංචි ගාස්තු සමඟ හිමිකම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට භාර දිය යුතුයි. ඉඩම මිලදී ගත් පුද්ගලයා නමින් හිමිකම් සහතිකයක් ඉතා ඉක්මනින් ලැබෙනවා. කල් ගතවීමක් හෝ විශාල මුදලක් වැයවීමක් මෙහිදී සිදු නොවේ.

 

එවැනි ඉඩමකට හිමිකම් සහතිකයක් ලැබෙනවා. උකස්කර වගේ දේවල් ද හිමිකම් සහතිකයේ ඇතුලත් කරනවා. උකස් අවලංගු කළ විට එම උකස අවලංගු කිරීම ද හිමිකම් සහතිකයේ සඳහන් වෙනවා. උකසක් පමණක් නොවේ. බදු දීමක්, පසු අයිතිකරුවන් නමි කිරීමක්, ජීවිත භුක්තිය සඳහන් කිරීම වැනි බැඳීම් හෝ කොන්දේසි තිබේනම් ඒවාද මෙම හිමිකම් සහතිකයේ සඳහන් වෙනවා.

ඒ ගැන බියවිය යුතු නැහැ. හිමිකම් ලේඛනයේ සඳහන් කරුණු ඇතුලත් සහතිකයක් තමයි ඔබට ඉඩමේ අයිතිය වශයෙන් ලැබෙන්නේ. ඉඩමට අදාළ හිමිකම් ලේඛනය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සතුව පවතින ආරක්ෂිත ලේඛනයක්. එම නිසා නැවත හිමිකම් සහතිකයේ පිටපකත් ලබාගැනීමේ හැකියාව ඔබට තිබෙනවා. නමුත්, ඒ සඳහා මුදල් ගෙවන්නට සිදුවෙනවා. ඒ නිසා හිමිකම් සහතිකය පුළුවන් තරම් ප්‍රවේශම් කරගන් නඑ හොඳයි.

 

එහෙම කරන්න බැහැ. එය 1998 අංක 21 දරන පනතේ 64 හා 65 යන වගන්ති යටතේ දඬුවමක් ලැබිය හැකි වරදක්. ඒ වගේම ඒ ගනුදෙනුව බල රහිත ගනුදෙනුවක් බවට පත් වෙනවා.

 

ඔව්. රජයේ දීමනා පත්‍රයක් ලැබී ඇති ඉඩමක් සඳහා අදාළ කොන්දේසි වලට යටත්ව, හිමිකම් සහතිකයක් ලබාදීමේ හැකියාව පවතිනවා. එමෙන්ම අනෙක් ආයතන සතු ඉඩම් සඳහා ද ඒ ඒ ආයතනවල ඉඩම් බැහැර කිරීමේ කොන්දේසි වලට යටත්ව හිමිකම් සහතිකයක් ලබාදීමේ හැකියාව පවතිනව.

රජයේ ඉඩම් හෝ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වැනි ආයතනයක් සතු ඉඩමක නම්, තවදුරටත් එහි අයිතිකරු රජය හෝ අදාළ ආයතනය වෙනවා. එම නිසා දැනට එම ඉඩම් සඳහා පැවරීම් සිදු කරනු ලබන ආකාරයටම එම පැවරීම කර, එය හිමිකම් ලියාපදිංචි කිරීමේ ක්‍රමය යටතේ ලියාපදිංචි කරනු ලබනවා.

නොහැකිය. හිමිකම් සහතිකයක් නිකුත් කළ ඉඩමක් සඳහා මොනම හෝ අවස්ථාවක නැවත ඔප්පුවක් ලියාපදිංචි වීමක් සිදුවන්නේ නැහැ. මෙවැනි අවස්ථාවකදී පනතේ 55 වැනි වගන්තිය අනුව උරුමකරුවන්ගේ තොරතුරු, හිමිකම් සහතිකයේ මුල් පිටපත හා
අයිතිකරුගේ මරණ සහතිකය සමඟ හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත්වීම අවශ්‍ය වෙනවා.

ඔව්. දීමනාකරු විසින් එම ඉඩම පවරා ඇත්තේ බාලවයස්කරුවෙකුට නම්, ඔහුගේ හෝ ඇයගේ නමින් හිමිකම් සහතිකයක් ලියාපදිංචි කරනවා. නමුත්, බාලවයස්කරුවෙක් ඔහුට අයිති ඉඩම විකිණීම, පැවරීම හෝ තෑගි දීම ආදී ගනුදෙනු සිදුකරන්න බැහැ.

 


Sun
Mon
Tue
Wed
Thu
Fri
Sat